Preview: සමාජ මාධ්‍ය ඔස්සේ තරුණියන්ගේ ව්‍යාජ ඡායාරූප භාවිත කරමින් සිදු කරන මුදල් වංචා වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT|LK) පවසනවා.
එම සංසදය සඳහන් කරන්නේ, මේ ආකාරයේ වංචාකරුවන් ව්‍යාජ Facebook, Instagram සහ WhatsApp ගිණුම් භාවිත කරමින් පරිශීලකයන් විශ්වාසයට ගන්නා බවයි. පසුව ඔවුන් සංවේදී ඡායාරූප, වීඩියෝ හෝ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඒවා භාවිත කර තර්ජනය කිරීම හෝ මුදල් ඉල්ලීම සිදු කරන බවද පැවසේ.
CERT|LK ආයතනයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා අවධාරණය කරන්නේ, අඳුනන නොවන පුද්ගලයන්ට කිසිදු සංවේදී ඡායාරූප, වීඩියෝ හෝ පෞද්ගලික තොරතුරු ලබා නොදිය යුතු බවයි.
එමෙන්ම, සැක සහිත ගිණුම්වලින් ලැබෙන friend requests පිළිගැනීමෙන් වළකින ලෙසත්, වංචාකාරී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් CERT|LK වෙත හෝ අදාළ සමාජ මාධ්‍ය වේදිකාවට වහාම වාර්තා කරන ලෙසත් ඔවුන් ජනතාවට උපදෙස් ලබා දෙනවා.