නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ යෙදී සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට Sri Lanka Navy සමත් වී තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ යාපනය, කුඩා ඉරිප්පු වෙරළ ප්‍රදේශයේදී, ඊයේ (27) දින ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.
මෙහෙයුම අතරතුර සැකකරුවන් සන්තකයේ තිබූ මුහුදු කූඩැල්ලන් 450ක්, ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ Sri Lanka Navy භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සිට 44 දක්වා අතර පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතින බව නාවික හමුදා වාර්තා සඳහන් කරයි.
Tags:
Politics News